Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Daily Foreign Transactions
by ruwan326 Today at 7:17 am

» EAST looks promising
by prabath Yesterday at 7:15 pm

» CTCE share holders get 1000 per share
by prabath Yesterday at 7:14 pm

» What companies to consider?
by mark Yesterday at 4:25 pm

» How to pick winning stocks by analysis not through predictions and gossip news-1
by ruwan326 Sat Jul 21, 2018 9:12 pm

» six-rules-to-follow-when-picking-stocks
by ruwan326 Sat Jul 21, 2018 8:59 pm

» MARKET CRASH - GUARANTEED
by samaritan Sat Jul 21, 2018 11:45 am

» BPPL going to be a gem
by ruwan326 Fri Jul 20, 2018 8:23 pm

» Sri Lankan shares close at 3-week high; Keells leads
by Miss-Sangeetha Fri Jul 20, 2018 7:40 pm

» expo.. @4.00
by Sameerad Fri Jul 20, 2018 12:26 pm

» ASI And The Future of Investors
by ruwan326 Fri Jul 20, 2018 9:45 am

» Keells Foods net profit grows 34-pct in June quarter, revenues up
by DS Wijesinghe Thu Jul 19, 2018 10:26 pm

» LAST CHANCE TO BUY ALHP BELOW 1.30
by ruwan326 Thu Jul 19, 2018 9:05 pm

» LDEV GEARING UP
by ruwan326 Thu Jul 19, 2018 8:56 pm

» World Bank and Dept. of Commerce elevate Sri Lanka int’l trade to global info platform
by ruwan326 Thu Jul 19, 2018 7:19 pm

» Market will be Green today
by ruwan326 Thu Jul 19, 2018 6:52 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Political and Socio-Economic Analysis » තම දරුවා රූපවාහිනී මඩ ප‍්‍රචාරණය සඳහා යොදාගත් බවට මවකගෙන් පොලිස් පැමිණිල්ලක්

තම දරුවා රූපවාහිනී මඩ ප‍්‍රචාරණය සඳහා යොදාගත් බවට මවකගෙන් පොලිස් පැමිණිල්ලක්

Go down  Message [Page 1 of 1]

Market R

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
පසුගිය දිනවල රූපවාහිනියේ ප‍්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ අයිතම දෙකකින් විස්තර වූයේ ජනපති අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන චමිලා නමැති කාන්තාවක මේ දිනවල සිරකර තබා සිටින සිද්ධියක් ගැනය..
මෙම චෝදනාවට පොලිස් පැමිණිල්ලක් කරනු වෙනුවට චමිලාගේ සැමියා කියන ජනක සුසිල කුමාර නමැත්තෙකු රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටිමින් මේ ගැන කියා සිටියේ ඇමතිවරයාට චමිලා හා අනියම් ඇසුරක්ද පැවති බව කියමිනි.
මෙම ප‍්‍රවෘත්තිය හා යාවුණ දෙවැනි අයිතමයෙන්
කියැවුනේ චමිලාගේ පුත‍්‍රයා සිරකර සිටින බව කියන තම මව බේරාදෙන ලෙස හඬමින් කරන ආයාචනයකි. එයද රූපවාහිනී ප‍්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා.
මේ කියන චමිලා සහ ජනපති අපේක්ෂකයා අතර සම්බන්ධයක්
තිබුනේද ඇයව ඇත්තටම සිරකර තිබුනේද යන්න ගැන ඉන් එහාට කිසිදු පරීක්ෂණයක් හෝ විස්තරයක් එම නාලිකාවල පළවුයේ නැත.
නමුත් ඊයේ මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයට චමිලා කුමාරි දිසානායක නමැති මවක පැමිණිල්ලක් කර තිබුණා. ඇය කියා සිටියේ තම දරුවා මේ කියන කතා බොරු බවත් ඔහුව තම පවුලෙන් වෙන්ව සිටින පියා විසින් පැහැරගෙන ගොස් සිරකර තබාගෙන දේශපාලන වාසියක් ගන්නට මේ දෙවල් කියන බවකි.

හිඟුරක්ගොඩ රාජකීය විද්‍යාලයේ සිසුවෙකු බව කියන පවිත‍්‍ර කුලසේකර නමැති මෙම දරුවා මිත්තනිය සමග සිටි අවස්ථාවේ ඇය රවටා දරුවා රැගෙන ගොස් ඔහුගේ මව මෛත‍්‍රීපාල සිරිසේන විසින් බලහත්කාරයෙන් රඳවාගෙන ඇතැයි පවසා ඇය නිදහස් කරන ලෙස දරුවා හඬමින් කරනු ලබන ඉල්ලීමක් රූප ගත කොට ඇති බව කියැවුණා.

කිසියම් කටයුත්තක් සඳහා කොත්මලේ තම සොයුරාගේ නිවසට ගොස් සිටි චමිලා නමැති මව තම දරුවා රවටා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, ඔහුට කායික සහ මානසික වධ හිංසා පැමිණවීම සහ අපහරණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් තම දරුවා වහාම තමා වෙත ලබා දෙන ලෙසත් ඉල්ලා මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත මෙම පැමිණිල්ල සිදු කර ඇත.

චමිලාගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ තමන් තම සැමියා වන ජනක සුසිල කුමාර නමැත්තාගෙන් වෙන්ව දරුවාත් ඔහුගේ මිත්තනියත් සමග හිඟුරක්ගොඩ ජීවත් වන බවකි.තමා මෛත‍්‍රිපාල ඇමතිවරයා හෝ කිසිවෙකු විසින් සිරකර නොසිටි බවත් නැවත විදේශ ගතවීම සඳහා අවශ්‍ය ලිපිලේඛන ගැනීමට සොයුරාගේ කොත්මලේ නිවසට ගිය අවස්ථාවක හි`ගුරක්ගොඩ නිවසට දරුවාගේ පියා තවත් කිහිප දෙනෙකු සමග පැමිණ අලිමංකඩ බලන්න යන්න එන්නැයි දරුවාට බොරුවක් කියා දරුවාව පැහැරගෙන ගොස් ඇති බවයි. දරුවාව පසුව ඇය දැක ඇත්තේ රූපවාහිනී ප‍්‍රවෘත්ති වලිනි.

පොලිසිය ඇයගේ පැමිණිල්ල පිලිබඳව බී වාර්තාවක් කොළඹ අංක 9 මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත්කර තිබුණ අතර දරුවාව සොයාගැනීමට වැඩි දුර පරීක්ෂණ සිදුකිරීමට අධිකරණය නියෝග කර ඇත.
මවගේ සහ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ ලක්ෂාන් ඩයස් පෙනී සිටිනවා.

Market R

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
ස්වාධීන රූපවාහිනියටත් එහි අධ්‍යක්‍ෂක මණ්ඩලයටත් රුපියල් මිලියන 1,000 ක් ඉල්ලා එන්තරවාසි



පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන Maithripala මහතාගේ කීර්තිනාමයට හා මැතිවරණය ව්‍යාපාරයට ඍජුව සහ වක්‍රව බලපෑම් ඇති වන අයුරින් 2014-12-30 සහ 31 යන දෙදින තුළ ස්වාධීන රූපවාහිනි සේවයේ රාත්‍රී 7.00 සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය විකාශය කොට ඇත. ස්වාධින රූපවාහිනි සේවයේ 2014-12-30 දින දින රාත්‍රී 7.00 ට විකාශය වූ ප්‍රවෘත්තියට අනුව නිවේදකයා පවසා ඇත්තේ “යහපාලනය ගැන කතා කරන විපක්‍ෂයේ සිරිසේන මහතාගේ යසපාලන ජීවිතයේ අනියම් සබදතා ගැනත් තොරතුරු හෙලිදරව්වේ” යනුවෙනි.

කිසිඳු පදනමකින් තොරව සහ වග විභාගයකින් තොරව සාවධ්‍ය ප්‍රවෘත්ති විකාශය කිරීම සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්ති නාමයට හා මැතිවරණ ව්‍යාපාරයට සිදුවූ ඍජු හා වක්‍ර බලපෑම් මත පදනම්ව ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයට, එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ප්‍රවෘත්ති සුධර්මන් රදලියගොඩ මහතාට රුපියල් මිලියන 1,000 ක සාධාරණ තක්සේරුවක් යටතේ එන්තරවාසි යවා ඇත.

නීතීඥ නිමල් රාජපක්‍ෂ මහතා විසින් යවා ඇති මෙම එන්තරවාසියේ පරිදි ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය භාවිතයෙන් විකාශය කළ අසත්‍ය පුවත හේතුවෙන් සිය සේවාදායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව ඇති මානසික පීඩාව හා හානියට රුපියල් මිලියන 1,000 ක් ලෙස තක්සේරුකර ඇත. එය එන්තරවාසි යොමු කළ 16 දෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් අද සිට දින 14 ක් ඇතුලත ගෙවිය යුතු බව දක්වා ඇත. එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් එකී රුපියල් මිලියන 1,000 මුදලත් ඊට අදාළ නෛතික පොළිය හා නඩු ගාස්තු අයකිරීම සඳහා ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ලිමිටඞ් සමාගමට එහි සභාපතිවරයාට, අධ්‍යක්‍ෂකවරුන්ට හා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ප්‍රවෘත්ති එරෙහිව එක්ව හා වෙන් වෙන්ව නඩු පවරන බවට නීතීඥ නිමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටී.

Sorce - Mathripala Sirisena official fan page (verified)

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Market R

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Very Happy Razz

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum