Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» CIFL ANY NEWS
by kjojo Yesterday at 12:15 pm

» HVA - Game changer! High profits this quarter!!!!!
by Captain Yesterday at 11:39 am

» JACKPOT for LDEV share holders
by sanjulanka Yesterday at 10:59 am

» Meka Mahinda Rajapaksege Wadak
by Yahapalanaya Yesterday at 8:20 am

» CFT share එක මොනව හරි දෙයක් වෙනව වාගෙ.
by sameboy Yesterday at 6:10 am

» Foreign Investment
by bushra03 Wed Nov 22, 2017 11:54 pm

» best stocks to buy now
by Ryan Hudson Wed Nov 22, 2017 10:26 pm

» BFN .. ORIENT FINANCE PLC
by rasikagamage Wed Nov 22, 2017 1:58 pm

» RENUKA CAPITAL PLC (KZOO.N0000)
by Namal Wed Nov 22, 2017 1:15 pm

» WATCHOUT CITRUS GROUP SHARES
by Eugine Fernando Wed Nov 22, 2017 10:47 am

» Jackpot For LDEV share holders
by bushra03 Tue Nov 21, 2017 6:07 pm

» LLMP -වාර්තාව හොඳ නැත
by max shanu Tue Nov 21, 2017 9:01 am

» CFVF will HIT. 40 BY Next. Thursday
by sanjulanka Mon Nov 20, 2017 11:45 pm

» MULL trade up possibilities
by Hewagak Mon Nov 20, 2017 8:48 pm

» GROUP LEASE PUBLIC COMPANY LIMITED vs COCR
by TARGET Mon Nov 20, 2017 6:21 pm

» Commercial Credit COCR and Group Lease Deal Pricing story
by kjojo Mon Nov 20, 2017 3:10 pm

» HEXP N.0000
by chathura Mon Nov 20, 2017 11:26 am

» CFT 7+...........today
by max shanu Mon Nov 20, 2017 11:10 am

» GRANN - Gonna fly
by prasa2004 Mon Nov 20, 2017 8:55 am

» Any News on JINS???
by prasa2004 Mon Nov 20, 2017 8:51 am

» Watch DFCC and NDB and guess which one is best
by Small Investor Sun Nov 19, 2017 10:28 am

» is KFP good to buy
by Fayaz_2017 Fri Nov 17, 2017 4:19 pm

» Plantation stocks
by anjelo Fri Nov 17, 2017 3:43 pm

» Good News - Watch ( VFIN , LFIN , CFIN, SAMP,LOFC)
by Harry82 Thu Nov 16, 2017 9:10 pm

» Avoid investing in Abans Group company shares
by fortuneteller Thu Nov 16, 2017 8:55 pm

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk »  ශ්‍රී ලංකාවේ ආර්ථිකය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය

View previous topic View next topic Go down  Message [Page 1 of 1]

Quibit

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
2017.01.31 වන දින ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබද 
අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ප්‍ර‍කාශය

2015.01.08 වන දින තමන් “යහපාලන” රජයක් පිහිටුවද්දී, ශ්‍රී ලංකා ආර්ථිකය “දැඩි සත්කාර ඒකකයක” පැවති බවද, තමන් විසින් පසුගිය වසර දෙක තුළදී එම අසාධ්‍ය ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බවද, සමහර මැති ඇමතිවරු මෑතකදී ප්‍ර‍කාශ කොට ඇත. එහෙයින්, සියලු ශ්‍රී ලාංකිකයන්ට එම ප්‍ර‍කාශන වල සත්‍යභාවය තේරුම් ගැනීමට හැකිවන පරිදි, එදා සහ අද පැවති සාර්ව ආර්ථික සාධක වල විග්‍ර‍යක් (2015 ජනවාරියෙන් පසු මහ බැංකු සහ අනිකුත් නිල දත්ත පදනම් කොටගෙන) පහත දක්වා ඇත.  

සාර්ව ආර්ථික සාධක

ආර්ථික වර්ධනය 

2014 දෙසැම්බර් (එදා) 2010 සිට 2014 දක්වා වසර 5 තුළදී සාමාන්‍ය වර්ධනය වසරකට 6.8% ක් වු අතර, ආයෝජන පරිසරය ස්ථාවර සහ සතුටුදායක වුනි. 2014.07.29 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනය මෑත කාලයේදී ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ඉහලම වර්ධනයක් ඇති රටක් යයිද ප්‍ර‍කාශ කොට තිබුණි.   

2016 දෙසැම්බර් (අද) 2015 වසරේදී වර්ධන වේගය පසුබෑමට ලක් වෙමින් 4.8% දක්වා අඩුවූ අතර, 2016 දී 4% ට අඩු අගයකට වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආයෝජනය අඩාල වී ඇති අතර, නව රැකියා බිහිවීමද අවම වී ඇත. කෘෂිකර්මය සහ සන්නිවේදන ක්ෂත්‍ර‍ය අවදානම් තත්ත්වයක පවතී. 

දළ දේශීය නිශ්පාදිතය (ද.දේ.නි) 

2014 දෙසැම්බර් (එදා) 2005 දී ඇ.ඩො. බිලියන 24 ක පැවති ශ්‍රී ලංකාවේ ද.දේ.නි. 2014 වන විට 233% කින් වැඩිවී ඇ.ඩො. බිලියන 80 ක් බවට පත්වුනි. 2014 මැයි මාසයේදී ෆිච් ශ්‍රේණිගත ආයතනය ශ්‍රී ලංකාව කලාපයේ මාර්ග සහ වරායන් වැනි යටිතල පහසුකම් සමග සුභවාදීව සන්සන්දනය කළ හැකි විශාල පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති සමස්ත සංවර්ධන උපාය මාර්ගයේ කොටසක් වී ඇති රටක් බව පැවසීය.   

2016 දෙසැම්බර් (අද) 2015 දී ද.දේ.නි. සුලු වශයෙන් ඇ.ඩො. බිලියන 82.3 දක්වා වැඩි වූ අතර, 2016 දී ඊටත් වඩා මන්දගාමී ලෙස වර්ධනය වුනි. ඒ අනුව, 2016 අග වන විට ආර්ථිකය ඇ.ඩො. බිලියන 84 දක්වා පමණ වර්ධනය වි ඇතැයි ඇස්තමේන්තු කල හැකිය. 

ශ්‍රී ලංකා රුපියල සහ විදේශ සංචිත 

2014 දෙසැම්බර් (එදා) 2006 සිට 2017 දක්වා කාලය තුළ වසරකට 2.8% පමණ සාමාන්‍ය අවප්‍ර‍මාණයක් වාර්තා කරමින් රුපියලේ අගය 2014 වසර අග වන විට ඇ.ඩො. ට සාපේක්ෂව රු.131/-  බවට පත් වුනි. විදේශ සංචිතය 2005 අග වන විට තිබූ ඇ.ඩො. මිලියන 2,735 සිට 300% ක වර්ධනයක් වාර්තා කරමින්, 2014 අග වන විට ඇ.ඩො. මිලියන 8,208 දක්වා වැඩිවී තිබුණි. එම සංචිත ප්‍ර‍මාණය, කෙටි කාලීන විදේශ ණය පියවීම සදහා 125% ක ආවරණයක් ලබා දෙමින්, සතුටුදායක මට්ටමක පැවතුනි.    

2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර දෙක තුළදී, වසරකට 7% ක සාමාන්‍ය අවප්‍ර‍මාණයක් සළකුණු කරමින්, ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව රු.150 දක්වා පහත වැටුනි. තවද, 26% ක සංකෝචනයක් වාර්තා කරමින්, 2016 අගවන විට විදේශ සංචිත ඇ.ඩො. මිලියන 6,063 දක්වා පහත වැටුණි. ඊට අමතරව, විදේශ සංචිතය කෙටි කාලීන විදේශ ණය පියවීම සදහා 75% ක ප්‍ර‍මාණයක් පමණක් ප්‍ර‍මාණවත් වු නිසා, 2016 වසර අග වන විට ආර්ථිකය දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇත. 

විදේශ සෘජු ආයෝජන (වි.සෘ.ආ.) 

2014 දෙසැම්බර් (එදා) 2006 සිට, වි.සෘ.ආග වර්ධනය වන ප්‍ර‍ණතාවයක් දක්වමින්, 2014 අග වන විට, 2005 දී තිබූ ඇ.ඩො. මිලියන 287 සිට ඇ.ඩො. 1,635 දක්වා වැඩි විය. එම අගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහලතම අගය වුනි. තවද, 2014 අග වන විට විදේශීය ආයෝජන වලින් දියත් කිරීමට නියමිත වූ ව්‍යාපෘති රාශියක්ද ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන තිබුණි.  

2016 දෙසැම්බර් (අද) 2015 වසරේදී වි.සෘ.ආග ප්‍ර‍මාණය පසුබෑමකට ලක්වෙමින් ඇ.ඩො. මිලියන 1,161 දක්වා අඩු වුනි. 2016 දී තව දුරටත් දැවැන්ත ලෙස කඩා වැටෙමින්, ඇ.ඩො. මිලියන 450 පමණ වාර්තා වුණි. මෙම අගය, මීට පෙර වසර 11 දී වාර්තාවූ අඩුම අගයය. තවද, ඉදිරි අනාගතයේදී වි.සෘ.ආ අඩුවීමේ ප්‍ර‍වණතාවයක් බලාපොරොත්තු වන්නට සාධක රාශියක් ඇත. 

කොළඹ කොටස් වෙළදපොළ (කො.කො.වෙ.) 

2014 දෙසැම්බර් (එදා) 2014 අග වන විට කො.කො.වෙ. ක්‍ර‍මක්‍ර‍මයෙන් වර්ධනය වෙමින්, කොටස් මිල දර්ශකය 7,299 දක්වා වැඩි වී තිබුණි. තවද, සමස්ත සමාගම් වල වෙළද ප්‍රාග්ධනය රු.බිලියන 3,100 වශයෙන් වාර්තා වුනි. සාමාන්‍ය දෛනික පිරිවැටුම 2014 වසරේදී රු.මිලියන 1,414 ක් වුනි.  

2016 දෙසැම්බර් (අද) කො.කො.වෙ. ක්‍ර‍මයෙන් පිරිහීමෙන් 2016 වසර අග වන විට කොටස් මිල දර්ශකය 6,288 දක්වා අඩුවුනි. සමාගම් වල සමස්ත වෙළද ප්‍රාග්ධනයද රු.බිලියන 2,700 දක්වා අඩුවුනි. 2015 වසරේදී සාමාන්‍ය දෛනික පිරිවැටුම රු. මිලියන 1,059 දක්වා අඩුවූ අතර, 2016 දී තවදුරටත් අඩුවෙමින් රු. මිලියන 737 දක්වා පහත වැටුනි. මේ ආකාරයට 2016 දී 2014 දී අගය මෙන් අඩකට පමණ අගයකට කඩා වැටී ඇත. 

උද්ධමනය 

2014 දෙසැම්බර් (එදා) 2014 වසරෙන් අවසන්වූ වසර 6 තිස්සේම ශ්‍රී ලංකා ඉතිහාසයේ අඩු උද්ධමනයක වැඩිම කාලයක් පවත්වා ගැනීමේ වාර්තාවක් බිහි කරමින් උද්ධමනය මැදි තනි ඉලක්කම්වල පිහිටා තිබුනි. විශේෂයෙන්ම 2014 වසරේදී සාමාන්‍ය උද්ධමනය 3.3% ක්වූ අතර, උද්ධමනය ඉදිරියේදීත් පහත අගයක පැවැත්වේ යයි යන විශ්වාසය ව්‍යාපාර ප්‍ර‍ජාව තුළ ගොඩනැගී තිබුණි. 
 
2016 දෙසැම්බර් (අද) 2015 වසරේදී ලෝක තෙල් මිල විශාල ලෙස පහල වැටුණු නිසා, උද්ධමනය 0.9% ක අගයකට අඩු වුවද, 2016 දී උද්ධමනය 4.5% දක්වා විඩි වුනි. එමෙන්ම, නව බදු පැනවීම් සහ රුපියලේ අගයේ දැවැන්ත කඩා වැටීම ඔස්සේ, අනාගතයේදී උද්ධමනය සීග්‍ර‍ලෙස වැඩිවේ යයි ඇස්තමේන්තු කළ හැක.  

රාජ්‍ය ණය 

2014 දෙසැම්බර් (එදා) ද.දේ.නි. ට සාපේක්ෂව රාජ්‍ය ණය ප්‍ර‍මාණය, 2002 දී වාර්තා වූ 106% සහ 2005 දී වාර්තා වූ 91% සිට සැළකිය යුතු ආකාරයකට අඩුවෙමින්, 2014 වසරේදී 71% ලෙස වාර්තා වුනි. එමෙන්ම, රටේ පවතින පොලී අනුපාතයන්ද ක්‍රමක්‍ර‍මයෙන් අඩුවීම නිසා, ණය හසුරුවීමේ පිරිවැය අඩු වෙමින් පැවතුනි. 2014 අග වන විට, රාජ්‍ය ණය ප්‍ර‍මාණය රු. බි. 7,391 ක් වශයෙන් වාර්තා වූ අතර, එම අගය 2014 අග වන විට තිබූ රු. බි. 4,590 සිට රු. බි. 2,801 කින් වැඩිවීමක් පෙන්වීය. එහෙත්, එම වැඩිවීමට සාපේක්ෂව වරායන්, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, වාරි මාර්ග, කාපට් මාර්ග, අධිවේගී මාර්ග සහ පාසැල් ඇතුලු යටිතල පහසුකම් ව්‍යාපෘති රාශියක් ඉදිකරන ලද අතර, උතුර සහ නැගෙනහිර පළාත් වල දැවැන්ත සංවර්ධනයක්ද දියත් කරන ලදී.   

2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර වලදී රජයේ ණය ගැනීම් ප්‍ර‍මාණය සහ පොලී අනුපාතය යන සාධක දෙකේම සීග්‍ර‍ ඉහල යාමක් සිදුවුනි. ඒ අනුව, ද.දේ.නි. ට සාපේක්ෂව ණය ප්‍ර‍මාණය 76% දක්වා තියුණු ලෙස විඩිවූ අතර, 2016 වසර අග වන විට එම අනුපාතය 82% ක පමණ මට්ටමකට වැඩිවේ යැයි විශ්ලේෂකයින් ඇස්තමේන්තු කර ඇත. ඒ ආකාරයට, 2016.09.30 න් අවසන් වූ මෙම රජයේ පළමු වැනි මාස 21 තුළ, සමස්ත ණය ප්‍ර‍මාණය රු.බි. 7,391 සිට රු.බි. 9,402 දක්වා කිසිදා සිදු නොවු ආකාරයට රු.බි. 2,011 කින් වැඩිවී ඇත. එහෙත්, එම විශාල මුදලට සාපේක්ෂව, සැළකිය යුතු දෘෂ්‍යමාන සංවර්ධනයක් බිම් මට්ටමේ නොතිබීම කනස්සල්ලට  කරැණකි. ඒ අතර, මුදල් ඇමතිවරයා 2017 ජනවාරි මාසයේ පවසා ඇත්තේ රට දැන් මහා ණය උගුලක සිරවී ඇති බවය.    

පොළී අනුපාතය 

2014 දෙසැම්බර් (එදා) රටේ පොලී අනුපාතයන්, අඩුවීමේ ප්‍ර‍ණතාවයකට යටත්ව, ෙඅඩු සහ ස්ථාවර මට්ටමක පැවතුනි. මාස 3 සිට වසර 30 දක්වා නිකුත් කරන ලද සියලු භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල පොලී අනුපාතය 5.7% සිට 9.3% පරතරය තුළ පැවතුනි. එම නිසා, රජයේ පොලී පිරිවැය සෑහෙන මට්ටමකට අඩුවූ අතර, වෙළද ව්‍යාපාර වල පොලී පිරිවැයද සැළකිය යුතු මට්ටමකට අඩු වුනි.  

2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර වලදී රටේ පොලී අනුපාතයන් ක්‍ර‍මක්‍ර‍මයෙන් ඉහල යමින් ව්‍යාපාර අවදානම වැඩි වූ අතර, මූල්‍ය කේෂ්ත්‍ර‍ය ඇතුලු සියලු කේෂ්ත්‍ර‍ වල දිගු කාලීන පැවැත්මට යම් බලපෑමක් එල්ලවන ලදි. 2014 අග පැවතුනු පොළි අනුපාතයන් සමග සන්සන්දනය කරන විට, 2016 දී පවතින භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල පොළි අනුපාතයන් සියල්ලන්ම පාහේ ද්විතීය ඉලක්කම් වල පවතින අතර, ඒවා පැවති අනුපාතයන් හා සසදන විට 60% කින් පමණ වැඩිවි ඇත. 

භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල විදේශ ආයෝජන 

2014 දෙසැම්බර් (එදා) 2014 අග වන විට භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 3 ක පමණ සතුටුදායක මට්ටමක පැවතුනි. එම අගය සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර නිකුතු වලින්, 11.4% ක පමණ ඉහළ අගයක් වුනි.  

2016 දෙසැම්බර් (අද) 2015 සහ 2016 වසර වලදී භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල විදේශ ආයෝජන ක්‍ර‍මක්‍ර‍මයෙන් රටින් බැහැරවීම නිසා, බාහිර අංශය දැඩි පීඩාවකට පත්වී ඇත. 2016 අග වන විට විදේශ ආයෝජන, ඇ.ඩො. බිලියන 1.6 පමණක් වාර්තා කිරීමෙන් ගම්‍ය වන්නේ ඇ.ඩො. බිලියන 1.4 ක් (හෝ 47% ක ප්‍ර‍මාණයක්), මේ වන විටත් රටින් පිට වී ඇති බවය. එම අගය සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර නිකුතු වලින් 5.5% ක පමණ අගයකි. එනම්, 2014 මට්ටමින් හරි අඩකටත් වඩා අඩුය.    

අය වැය පරතරය 

2014 දෙසැම්බර් (එදා) ක්‍ර‍මක්‍ර‍මයෙන් අඩු වන ප්‍ර‍ණතාවයක් වාර්තා කරමින් අය වැය පරතරය 2014 වන විට 5.7% දක්වා අඩුවී තිබුණි. 2014 ජූලි මස ජා.මූ.අග පවසා සිටියේ අය වැය පරතරය අඩුවීමේ ප්‍ර‍යත්නය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින්  සමස්ත අය වැය පරතරය, රජය  අඩු කරගෙන ඇති බවය. 

2016 දෙසැම්බර් (අද) 2015 දී අය වැය පරතරය 7.4% දක්වා තියුණු ලෙස වැඩි වෙමින් සමස්ත ආර්ථිකයම දැඩි අවිනිශ්චිතභාවයකටද, කැළඹීමකටද ලක් කරන ලදි. 2016 වසරේදීද, මෙම පරතරය 6% දක්වා පමණ වැඩිවීමේ ප්‍ර‍ණතාවයක් දක්නට ඇත. මේ පිළිබදව ආර්ථික විශේෂඥයින් කිහිප දෙනෙක්ම තමන්ගේ දැඩි කනස්සල්ල ප්‍ර‍කාශ කොට ඇත.  

වෙළද ශේෂය සහ බාහිර අංශය 

2014 දෙසැම්බර් (එදා) වෙළද ශේෂය සුලු වශයෙන් වැඩි වුවද, විදේශ ප්‍රේශණ, සංචාරක කේෂ්ත්‍ර‍ය, තෙරතුරු තාක්ෂණ ඉපැයිම් සහ මූල්‍ය අංශයට මුදල් ගලා ඒම හරහා එහි අයහපත් බලපෑම ආර්ථිකයට නොදැනුනි.  ඒ අනුව, 2014 වසරේදි, ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවැනි විශාලතම ධනාත්මක විදේශ ගිණුම් ශේෂය (surplus) වන ඇ.ඩො. මිලියන 1,369, ශ්‍රී ලංකාව විසින් වාර්තා කරන ලදී.  

2016 දෙසැම්බර් (අද) 2015 වසරේදී අපනයන සැළකිය යුතු ආකාරයකට අඩු වූ නිසා වෙළද ශේෂය තව දුරටත් අයහපත් අතට යොමු වුනි.  තවද, විදේශ ප්‍රේශණ වල වැඩි වීමක් නොතිබීමෙන්ද, මූල්‍ය කේෂ්ත්‍ර‍ට විදේශ මුදල් ගලා ඒම් අඩු වීම හේතුවෙන්ද, ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සෘණාත්මක විදේශ ගෙවුම් ශේෂය (deficit) වන ඇ.ඩො. 1,489, 2015 වසරේදී වාර්තා කරන ලදි. එමෙන්ම, 2016 වසරේදිද විදේශ ගෙවුම් ශේෂය සෘණාත්මක එකක් වනු ඇතැයි විශ්ලේෂකයෝ ඇස්තමේන්තු කොට ඇත. 

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම 

2014 දෙසැම්බර් (එදා) ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය වූයේ “ධනාත්මක” දැක්මක් සහිත BB- ශ්‍රේණියයි. ඒ අතරම, 2014 වසරේදී මෙම ශ්‍රේණිය තව දුරට ඉහල නැංවීම පිණිස, ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රේණිගත ආයතන සමග සාකච්ඡා ආරම්භ කොට තිබුනි.   

2016 දෙසැම්බර් (අද) 2016 වසරේදී, ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B+ දක්වා පහත හෙලන ලද අතර, ආර්ථිකයේ දැක්මද “සෘණාත්මක” ලෙස වර්ගීකරණය කරන ලදි. තවද, බැදුම්කර වංචා ඇතුලු තවත් දුර්වලතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම තව දුරටත් පහත හෙලිය හැකියයි බොහෝ දෙනෙකුගේ වර්තමාන විශ්වාසයයි.

ඉහත පෙන්වා දි ඇති කරුණු අනුව, පැහැදිළිවම පෙනී යන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසර දෙක තුළදි ඉතා අයහපත් ලෙස කළමණාකරණය වීම තුළින්, අද වන විට දැවැන්ත අර්බුධයකට මුහුණපා සිටින බවය. මේ බව සනාථ කරමින් බ්ලූම්බර්ග් ආයතනය විසින් පසුගිය සතියේදී නිකුත් කරන ලද “ගෝලීය අවදානම්” වාර්තාව අනුව, ශ්‍රී ලංකාව අධි ආයෝජන අවධානම් ඇති රටක් ලෙස හදුන්වන ලදී. එම වාර්තාවෙන් දක්වා ඇති ආකාරයට, රටවල් 80 ක් අතරින් ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 67 වැනි මට්ටම වන අතර, එම මට්ටම මෑතකදී ආර්ථික අර්බුධ වලට මුහුණ දුන් ග්‍රීසියටත් වඩා මට්ටම් 20 කින් පසු පසින් පිහිටීම කණගාටුදායක කරුණකි. තවද, “ව්‍යාපාර කිරිමේ පහසුකම් දර්ශකය” (Ease of Doing Business Index) සහ “දූෂණය පිළිබද මතය” (Corruption Perception Index) දර්ශකය අනුව, ශ්‍රී ලංකාවේ මට්ටම සැළකිය යුතු ලෙස අයහපත් දිශාවකට වැටී ඇති බවද වාර්තා වි ඇත. 

තත්ත්වය මෙසේ තිබියදී, තමන්ගේ පෞද්ගලික විශ්වසනීයභාවයද දැඩි ලෙස පලුදු වී ඇති සමහර ඇමතිවරුන් අප රටේ ආර්ථිකය යහපත් යයි කොපමණ උදම් ඇනුවත්, මෙම අයහපත් ආර්ථික තත්ත්වය සහ අසුබවාදී ව්‍යාපාර මතය නොවෙනස්වනු ඇත. එම නිසා, ඔවුන් දැන් කළ යුත්තේ අසත්‍ය ප්‍ර‍කාශන ලබාදීමවත්, ලාබාල “නිදහසට කරුණු” ඉදිරිපත් කිරීමවත්, පසුගිය පාලනතන්ත්‍ර‍ට වෛරීව සහ ඊර්ෂියාකාරීව චෝදනා නැගීමවත් නොවේ. එවැනි බොළද ක්‍රියාවලියන් තුළින්, තම පාලනයේ දුර්වලතාවයන් හෝ නොහැකියාව තව දුරටත් වසන් කරගත නොහැක. එසේ නම්, වර්තමාන පාලනතන්ත්‍ර‍ය දැන් කළ යුත්තේ පවතින අයහපත් තත්ත්වය ප්‍රායෝගිකව හදුනාගෙන, සිදුවන්නට යන දැවැන්ත විනාශය අවම කර ගැනීමට දියත් කලයුතු සියලු ක්‍රියාමාර්ග දියත් කිරීමය. ඔවුන් එසේ නොකළහොත්, ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද අප රටේ ආර්ථිකය භාජනය කොට ඇති මේ “අංග සම්පූර්ණ කුණාටුව” (perfect storm) මුලු රටම වෙලාගනිමින්, අප රට විශාල විනාශයකට ගොදුරු වීම නැවැත්විය නොහැක.

ranferdi

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
When you take loans and spend as capital expenditure it also goes under GDP and it will be seen as development. But in reality previous government took huge loans without proper plan to pay back. The ones who knew perfect storm in inevitable are taking action to avoid it. IT will not be easy.

They brew the trouble and then they escaped before the trouble started now blaming someone else for the same is not ethical.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
At least a percentage of foreign borrowings should have been utilized for export oriented projects. Overtime it could have supported to pay off at least the debt servicing cost. No doubt, infrastructure development is essential but not using all loans.

ranferdi

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@worthiness wrote:At least a percentage of foreign borrowings should have been utilized for export oriented projects. Overtime it could have supported to pay off at least the debt servicing cost. No doubt, infrastructure development is essential but not using all loans.

The trick is here.. The infrastructure such as roads are the kind of things that you can make huge money......

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

Chinwi

avatar
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@worthiness wrote:At least a percentage of foreign borrowings should have been utilized for export oriented projects. Overtime it could have supported to pay off at least the debt servicing cost. No doubt, infrastructure development is essential but not using all loans.

Norm of new world , both SIRA and MARA Governments worked towards is , Governments should provide infrastructure development and Private sector should do business.

(SIRA = Sirisena Ranil )


SIRA govt even going beyond MARA govt is selling all govt businesses.


The Myth most of Pro SIRA people preach is, MARA did roads and other non income generating projects and today we face debt trap due to non planned loans.  Anyone should know no country build roads , rail ways,  ports and air ports to earn money. They are  infrastructure assets with very long return periods. Loans are given after calculating payment schedules by independent valuers of donor countries.

As per initial article, debt increase in 2014 was   2,801 billion LKR.  
2801 billion in long term payment schemes is nothing to Sri Lanka.
The problem always arise if  you go to short term loans.

At the end of 2014 ,  foreign assets were 8202 million USD , short term debt 6562 million USD , NFA equivalent to 125% of short term loans. = GREEN
At the end of 2016 ,  foreign assets were 6063 million USD , short term debt 8084 million USD NFA equivalent to only 75% of our short term loans. = RED  


"2016.09.30 න් අවසන් වූ මෙම රජයේ පළමු වැනි මාස 21 තුළ, සමස්ත ණය ප්‍ර‍මාණය රු.බි. 7,391 සිට රු.බි. 9,402 දක්වා කිසිදා සිදු නොවු ආකාරයට රු.බි. 2,011 කින් වැඩිවී ඇත. "
 Most of this 2011 Billion LKR is short term 'No-Planned' borrowings.

I think you can see what went wrong ,  although  these incapable  leaders  talk nonsense day and night .

Quibit

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Former Central Bank Governor Ajith Nivard Cabraal, who served in office during the previous rule, said yesterday, the economy had been managed ‘very badly’ during the last couple of years even according to statistics published after the new government assumed office. Issuing a statement, he said the country was now on the brink of a massive economic catastrophe. “In fact, just last week, Bloomberg listed Sri Lanka as a high investment risk country, and placed it at 67 out of 80 countries (20 slots behind Greece!), in their “Global Risk Briefing”. In other related developments, the rankings of the country suffered embarrassing setbacks in the “Doing Business Index” and the “Corruption Perception Index” as well,” he said . Some leading members of the present “Yahapalana” government have recently claimed that they took over an economy that was in the Intensive Care Unit (ICU) on 8th January 2015, and that during the past 2 years, they have brought the economy to a stable level. In that regard, the following basic analysis of Sri Lanka’s macro- fundamentals (as per Central Bank and other data published after January 2015) is set out, so that all Sri Lankans could see for themselves, the true position about our economy, then and now. Citing statistics, he said the economic growth for the five years from 2010 to 2014, was at an average rate of 6.8% and the investment outlook was steady and robust. On July 29, 2014, the IMF stated: “Sri Lanka’s economic growth has been one of the fastest among Asia’s developing economies in recent years”. However, he said the economic growth is stagnating, and dropped to 4.8% in 2015, and is expected to be less than 4% in 2016. “Investment is slack, and new jobs are not being created. Agriculture production and Telecom services are at risk,” he said quoting statistics. He also said, “The desperate claims that the economy is robust by a few Ministers who have lost their credibility, is hardly likely to change the gloomy business sentiment or the pathetic situation. Accordingly, is now time for those who are responsible for the economy to cease uttering blatant falsehoods, desist from trotting out lame excuses, and stop accusing the previous administration for their own mismanagement and incapabilities. At the same time, the present administration must immediately acknowledge the gravity of the situation and take the necessary remedial measures to avoid the impending disaster. Unless that happens, this self-made “perfect storm” that has been thrust upon our once-robust economy by the present administration will engulf our country with disastrous consequences.” - See more at: http://www.dailymirror.lk/article/Economy-managed-very-badly-Cabraal-123201.html#sthash.SfsicLki.dpuf

stockback


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Now sri lanka 63 Rank out of 82.

this month we have improved.

after H. Port sale and issue few SLDB (1.5 Billions USD for increase Foreign reserves) then after we can improved further.

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Most of countries are in corrupted stage with different degrees. SL is in an abnormal situation at it had spread from the highest to bottom over years. Such dirty practices disrupts economic development & equilibrium of income distribution. 
No hypothetical remedy for this kind of ills. By regularizing the system & strict implementation could minimize the immense volume of misdeeds. Even developed nations are not successful to eradicate such.

omegaplus

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
@Chinwi wrote:
@worthiness wrote:At least a percentage of foreign borrowings should have been utilized for export oriented projects. Overtime it could have supported to pay off at least the debt servicing cost. No doubt, infrastructure development is essential but not using all loans.

Norm of new world , both SIRA and MARA Governments worked towards is , Governments should provide infrastructure development and Private sector should do business.

(SIRA = Sirisena Ranil )


SIRA govt even going beyond MARA govt is selling all govt businesses.


The Myth most of Pro SIRA people preach is, MARA did roads and other non income generating projects and today we face debt trap due to non planned loans.  Anyone should know no country build roads , rail ways,  ports and air ports to earn money. They are  infrastructure assets with very long return periods. Loans are given after calculating payment schedules by independent valuers of donor countries.

As per initial article, debt increase in 2014 was   2,801 billion LKR.  
2801 billion in long term payment schemes is nothing to Sri Lanka.
The problem always arise if  you go to short term loans.

At the end of 2014 ,  foreign assets were 8202 million USD , short term debt 6562 million USD , NFA equivalent to 125% of short term loans. = GREEN
At the end of 2016 ,  foreign assets were 6063 million USD , short term debt 8084 million USD NFA equivalent to only 75% of our short term loans. = RED  


"2016.09.30 න් අවසන් වූ මෙම රජයේ පළමු වැනි මාස 21 තුළ, සමස්ත ණය ප්‍ර‍මාණය රු.බි. 7,391 සිට රු.බි. 9,402 දක්වා කිසිදා සිදු නොවු ආකාරයට රු.බි. 2,011 කින් වැඩිවී ඇත. "
 Most of this 2011 Billion LKR is short term 'No-Planned' borrowings.

I think you can see what went wrong ,  although  these incapable  leaders  talk nonsense day and night .
Infrastructure development is a must, I remember roads were terrible 15 years ago.Now they can match most countries around the world..

 But did we use money wisely and did they do proper research before start those programs. 
Good feasibility study , or just went on with projects without thinking of returns? 
I don't know...but I feel like that was the case...
Loopholes with benefit analysis / feasibility studies...  

Hope we will get over this debts and economy will turn around...

Quibit

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
When bulls are managing the economy don't expect bulls to be in the stock market.

omegaplus

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
@Quibit wrote:When bulls are managing the economy don't expect bulls to be in the stock market.
Rolling Eyes Rolling Eyes Rolling Eyes What a Face What a Face What a Face

sampath.anuradha


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
දැඩි සත්කාර ඒකකයේ ආර්ථිකය දැන් ස්ථාවරද?

( ෂමිල පෙරේරා ) 2017-02-05 23:30:24
Comments - 0       Views - 106



 0  0  0
තමන් 2015 ජනවාරි 08 වැනි දින 'යහපාලන' රජයක් පිහිටුවද්දී, ශ්‍රී ලංකා ආර්ථිකය 'දැඩි සත්කාර ඒකකයක' පැවති බවත්, තමන් විසින් පසුගිය වසර දෙක තුළදී එම අසාධ්‍ය ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බවත් වත්මන් රජයේ සමහර මැති ඇමතිවරුන් මෑතකදී ප්‍රකාශ කළ බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. එබැවින්, සියලු ශ්‍රී ලාංකිකයන්ට එම ප්‍රකාශයන්හි සත්‍යාසත්‍යතාව තේරුම් ගැනීමට හැකිවන පරිදි, එදා සහ අද පැවති සාර්ව ආර්ථික සාධකවල විග්‍රහයක් (2015 ජනවාරියෙන් පසු මහ බැංකු සහ අනිකුත් නිල දත්ත පදනම් කොටගෙන) අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ ඉදිරිපත් කරයි.
සාර්ව ආර්ථික සාධක
ආර්ථික වර්ධනය           

  • 2014 දෙසැම්බර් (එදා)   

[size]
2010 සිට 2014 දක්වා වසර 5 තුළදී සාමාන්‍ය වර්ධනය වසරකට 6.8% ක් වූ අතර, ආයෝජන පරිසරය ස්ථාවර සහ සතුටුදායක විය. 2014.07.29 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෑත කාලයේදී ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි ඉහළම වර්ධනයක් ඇති රටක් යයිද ප්‍රකාශ කොට තිබුණි.
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 වසරේදී වර්ධන වේගය පසුබෑමට ලක්වෙමින් 4.8% දක්වා අඩුවූ අතර, 2016 දී 4% ට අඩු අගයකට වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. ආයෝජනය අඩාළ වී ඇති අතර, නව රැකියා බිහිවීමද අවම වී ඇත. කෘෂිකර්මය සහ සන්නිවේදන ක්ෂේත්‍රය අවදානම් තත්ත්වයක පවතී.
 දළ දේශීය නිශ්පාදිතය (ද.දේ.නි)
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
2005 දී ඇ.ඩො. බිලියන 24 ක පැවති ශ්‍රී ලංකාවේ ද.දේ.නි. 2014 වනවිට 233% කින් වැඩි වී ඇ.ඩො.බිලියන 80ක් බවට පත්විය. 2014 මැයි මාසයේදී ෆිච් ශ්‍රේණිගත ආයතනය, ශ්‍රී ලංකාව කලාපයේ මාර්ග සහ වරායන් වැනි යටිතල පහසුකම් සමග සුබවාදීව සන්සන්දනය කළ හැකි විශාල පොදු යටිතල පහසුකම් ව්‍යාපෘති සමස්ත සංවර්ධන උපාය මාර්ගයේ කොටසක් වී ඇති රටක් බව පැවසීය.
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 දී ද.දේ.නි. සුළු වශයෙන් ඇ.ඩො.බිලියන 82.3ක් දක්වා වැඩි වූ අතර, 2016 දී ඊටත් වඩා මන්දගාමී ලෙස වර්ධනය විය. ඒ අනුව, 2016 අග වනවිට ආර්ථිකය ඇ.ඩො.බිලියන 84ක් දක්වා පමණ වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කළ හැකිය.
ශ්‍රී ලංකා රුපියල සහ විදේශ සංචිත
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
2006 සිට 2017 දක්වා කාලය තුළ වසරකට 2.8% පමණ සාමාන්‍ය අවප්‍රමාණයක් වාර්තා කරමින් රුපියලේ අගය 2014 වසර අග වනවිට ඇ.ඩොලරයට සාපේක්ෂව රු.131/- බවට පත්විණි. විදේශ සංචිතය 2005 අග වනවිට තිබූ ඇ.ඩො. මිලියන 2,735 සිට 300% ක වර්ධනයක් වාර්තා කරමින්, 2014 අග වනවිට ඇ.ඩො. මිලියන 8,208 දක්වා වැඩිවී තිබුණි. එම සංචිත ප්‍රමාණය, කෙටිකාලීන විදේශ ණය පියවීම සඳහා 125%ක ආවරණයක් ලබාදෙමින්, සතුටුදායක මට්ටමක පැවතුණි.
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 සහ 2016 වසර දෙක තුළදී, වසරකට 7% ක සාමාන්‍ය අවප්‍රමාණයක් සලකුණු කරමින්, ශ්‍රී ලංකා රුපියල, ඇ.ඩොලරයකට සාපේක්ෂව රු.150/- දක්වා පහත වැටුණි. තවද, 26% ක සංකෝචනයක් වාර්තා කරමින්, 2016 අගවන විට විදේශ සංචිත ඇ.ඩො.මිලියන 6,063 දක්වා පහත වැටුණි. ඊට අමතරව, විදේශ සංචිතය කෙටි කාලීන විදේශ ණය පියවීම සඳහා 75%ක ප්‍රමාණයක් පමණක් ප්‍රමාණවත් වූ නිසා, 2016 වසර අග වනවිට ආර්ථිකය දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇත.
විදේශ සෘජු ආයෝජන (වි.සෘ.ආ.)
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
2006 සිට, වි.සෘ.ආයෝජන වර්ධනය වන ප්‍රවණතාවක් දක්වමින්, 2014 අග වනවිට, 2005 දී තිබූ ඇ.ඩො.මිලියන 287 සිට ඇ.ඩො.මිලියන 1,635 දක්වා වැඩි විය. එම අගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම අගය විය. තවද, 2014 අග වනවිට විදේශීය ආයෝජනවලින් දියත් කිරීමට නියමිත වූ ව්‍යාපෘති රැසක්ද ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන තිබුණි.
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 වසරේදී වි.සෘ.ආයෝජන ප්‍රමාණය පසුබෑමකට ලක්වෙමින් ඇ.ඩො.මිලියන 1,161ක් දක්වා අඩු විය. 2016 දී තවදුරටත් දැවැන්ත ලෙස කඩා වැටෙමින්, ඇ.ඩො.මිලියන 450ක් පමණ වාර්තා විණි. මෙම අගය, මීට පෙර වසර 11 දී වාර්තා වූ අඩුම අගයයි. තවද, ඉදිරි අනාගතයේදී වි.සෘ.ආයෝජන අඩුවීමේ ප්‍රවණතාවක් බලාපොරොත්තු වන්නට සාධක රැසක් පවතී.
කොළඹ කොටස් වෙළෙඳ පොළ (කො.කො.වෙ.)
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
2014 අග වනවිට කො.කො.වෙළෙඳ පොළ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින්, කොටස් මිල දර්ශකය 7,299 දක්වා වැඩි වී තිබුණි. තවද, සමස්ත සමාගම්වල වෙළෙඳ ප්‍රාග්ධනය රු.බිලියන 3,100ක් වශයෙන් වාර්තා විණි. සාමාන්‍ය දෛනික පිරිවැටුම 2014 වසරේදී රු.මිලියන 1,414ක් බවට පත්විණි.          
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
කො.කො. වෙළෙඳ පොළ ක්‍රමයෙන් පිරිහීමෙන් 2016 වසර අග වනවිට කොටස් මිල දර්ශකය 6,288 දක්වා අඩුවිණි. සමාගම්වල සමස්ත වෙළෙඳ ප්‍රාග්ධනයද රු.බිලියන 2,700ක් දක්වා අඩුවිය. 2015 වසරේදී සාමාන්‍ය දෛනික පිරිවැටුම රු.මිලියන 1,059ක් දක්වා අඩුවූ අතර, 2016 දී තවදුරටත් අඩුවෙමින් රු.මිලියන 737ක් දක්වා පහත වැටුණි. මේ ආකාරයට 2016 දී, 2014 දී අගය මෙන් අඩකට පමණ අගයකට කඩා වැටී ඇත.
උද්ධමනය
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
2014 වසරෙන් අවසන් වූ වසර 6 පුරාම ශ්‍රී ලංකා ඉතිහාසයේ අඩු උද්ධමනයක වැඩිම කාලයක් පවත්වා ගැනීමේ වාර්තාවක් බිහිකරමින් උද්ධමනය මැදි තනි ඉලක්කම්වල පිහිටා තිබුණි. විශේෂයෙන්ම 2014 වසරේදී සාමාන්‍ය උද්ධමනය 3.3% ක්වූ අතර, උද්ධමනය ඉදිරියේදීත් පහත අගයක පැවැත්වේ යැයි යන විශ්වාසය ව්‍යාපාර ප්‍රජාව තුළ ගොඩනැගී තිබුණි.     
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 වසරේදී ලෝක තෙල් මිල විශාල ලෙස පහළ වැටුණු නිසා, උද්ධමනය 0.9% ක අගයකට අඩු වුවද, 2016 දී උද්ධමනය 4.5% දක්වා වැඩි විය. එමෙන්ම, නව බදු පැනවීම් සහ රුපියලේ අගයේ දැවැන්ත කඩා වැටීම ඔස්සේ, අනාගතයේදී උද්ධමනය ශීඝ්‍ර ලෙස වැඩිවේ යයි ඇස්තමේන්තු කළ හැකිය. 
රාජ්‍ය ණය        
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
ද.දේ.නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය ප්‍රමාණය, 2002 දී වාර්තා වූ 106% සහ 2005 දී වාර්තා වූ 91% සිට සැලකිය යුතු ආකාරයකට අඩුවෙමින්, 2014 වසරේදී 71% ලෙස වාර්තා විය. එමෙන්ම, රටේ පවතින පොලී අනුපාතයන්ද ක්‍රමක්‍රමයෙන් අඩුවීම නිසා, ණය හසුරුවීමේ පිරිවැය අඩුවෙමින් පැවතිනි. 2014 අග වනවිට, රාජ්‍ය ණය ප්‍රමාණය රු.බිලියන 7,391 ක් වශයෙන් වාර්තා වූ අතර, එම අගය 2014 අග වනවිට තිබූ රු.බිලියන 4,590 සිට රු.බිලියන 2,801 කින් වැඩිවීමක් පෙන්වීය. එහෙත්, එම වැඩිවීමට සාපේක්ෂව වරායන්, ගුවන් තොටුපොළ, විදුලි බලාගාර, වාරි මාර්ග, කාපට් මාර්ග, අධිවේගී මාර්ග සහ පාසල් ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් ඉදිකරන ලද අතර, උතුර සහ නැගෙනහිර පළාත්වල දැවැන්ත සංවර්ධනයක්ද දියත් කරන ලදී.           
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 සහ 2016 වසරවලදී රජයේ ණය ගැනීම් ප්‍රමාණය සහ පොලී අනුපාතය යන සාධක දෙකේම ශීඝ්‍ර ඉහළ යාමක් සිදුවිණි. ඒ අනුව, ද.දේ.නිෂ්පාදනයට සාපේක්ෂව ණය ප්‍රමාණය 76% දක්වා තියුණු ලෙස වැඩි වූ අතර, 2016 වසර අග වනවිට එම අනුපාතය 82% ක පමණ මට්ටමකට වැඩිවේ යැයි විශ්ලේෂකයන් ඇස්තමේන්තු කර ඇත. ඒ ආකාරයට 2016.09.30 දිනෙන් අවසන් වූ මෙම රජයේ පළමු වැනි මාස 21 තුළ, සමස්ත ණය ප්‍රමාණය රු.බිලියන 7,391 සිට රු.බිලියන 9,402 දක්වා කිසිදා සිදු නොවූ ආකාරයට රු.බිලියන 2,011 කින් වැඩිවී ඇත. එහෙත්, එම විශාල මුදලට සාපේක්ෂව, සැලකිය යුතු දෘශ්‍යමාන සංවර්ධනයක් බිම් මට්ටමේ නොතිබීම කණස්සල්ලට කරුණකි. ඒ අතර, මුදල් ඇමතිවරයා 2017 ජනවාරි මාසයේ පවසා ඇත්තේ රට දැන් මහා ණය උගුලක සිරවී ඇති බවය.  
පොලී අනුපාතය
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
රටේ පොලී අනුපාත, අඩුවීමේ ප්‍රවණතාවකට යටත්ව, අඩු සහ ස්ථාවර මට්ටමක පැවතුණි. මාස 3 සිට වසර 30 දක්වා නිකුත් කරනලද සියලු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාතය 5.7% සිට 9.3% පරතරය තුළ පැවතුණි. එම නිසා, රජයේ පොලී පිරිවැය සෑහෙන මට්ටමකට අඩුවූ අතර, වෙළෙඳ ව්‍යාපාරවල පොලී පිරිවැයද සැලකිය යුතු මට්ටමකට අඩු විය.   
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 සහ 2016 වසරවලදී රටේ පොලී අනුපාත ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ව්‍යාපාර අවදානම වැඩි වූ අතර, මූල්‍ය ක්ෂේත්‍රය ඇතුළු සියලු ක්ෂේත්‍රවල දිගුකාලීන පැවැත්මට යම් බලපෑමක් එල්ල විය. 2014 අග පැවතුණු පොලී අනුපාත සමග සංසන්ධනය කරන විට, 2016 දී පවතින භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල පොලී අනුපාත සියල්ලම පාහේ ද්විතීය ඉලක්කම්වල පවතින අතර, ඒවා පැවති අනුපාත හා සසඳන විට 60% කින් පමණ වැඩිවී ඇත.
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශ ආයෝජන   
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
2014 අග වනවිට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශ ආයෝජන ඇ.ඩො. බිලියන 3ක පමණ සතුටුදායක මට්ටමක පැවතුණි. එම අගය සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවලින් 11.4% ක පමණ ඉහළ අගයක් විය.
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 සහ 2016 වසරවලදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශ ආයෝජන ක්‍රමක්‍රමයෙන් රටින් බැහැරවීම නිසා, බාහිර අංශය දැඩි පීඩාවකට පත්වී ඇත. 2016 අග වනවිට විදේශ ආයෝජන, ඇ.ඩො. බිලියන 1.6 පමණක් වාර්තා කිරීමෙන් ගම්‍ය වන්නේ ඇ.ඩො. බිලියන 1.4 ක් (හෝ 47% ක ප්‍රමාණයක්), මේ වන විටත් රටින් පිට වී ඇති බවයි. එම අගය සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුතුවලින් 5.5% ක පමණ අගයකි. එනම්, 2014 මට්ටමින් හරි අඩකටත් වඩා අඩුය.
අයවැය පරතරය
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
ක්‍රමක්‍රමයෙන් අඩු වන ප්‍රවණතාවක් වාර්තා කරමින් අය වැය පරතරය 2014 වනවිට 5.7% දක්වා අඩුවී තිබුණි. 2014 ජූලි මස ජා.මූ. අරමුදල පවසා සිටියේ අයවැය පරතරය අඩුවීමේ ප්‍රයත්නය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින්  සමස්ත අයවැය පරතරය, රජය අඩු කරගෙන ඇති බවය.      
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 දී අයවැය පරතරය 7.4% දක්වා තියුණු ලෙස වැඩිවෙමින් සමස්ත ආර්ථිකයම දැඩි අවිනිශ්චිතභාවයකටද, කැළඹීමකටද ලක්කරන ලදී. 2016 වසරේදීද, මෙම පරතරය 6% දක්වා පමණ වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. මේ පිළිබඳව ආර්ථික විශේෂඥයන් කිහිප දෙනෙක්ම තමන්ගේ දැඩි කණස්සල්ල ප්‍රකාශ කොට ඇත. 
වෙළෙඳ ශේෂය හා බාහිර අංශය         
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
වෙළෙඳ ශේෂය සුළු වශයෙන් වැඩි වුවද, විදේශ ප්‍රේෂණ, සංචාරක ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ ඉපැයීම් සහ මූල්‍ය අංශයට මුදල් ගලාඒම හරහා එහි අයහපත් බලපෑම ආර්ථිකයට නොදැනුණි. ඒ අනුව, 2014 වසරේදී, ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවැනි විශාලතම ධනාත්මක විදේශ ගිණුම් ශේෂය (Surplus) වන ඇ.ඩො.මිලියන 1,369 ශ්‍රී ලංකාව විසින් වාර්තා කරනලදී.      
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2015 වසරේදී අපනයන සැලකිය යුතු ආකාරයකට අඩු වූ නිසා වෙළෙඳ ශේෂය තවදුරටත් අයහපත් අතට යොමුවිය. තවද, විදේශ ප්‍රේෂණවල වැඩිවීමක් නොතිබීමෙන්ද, මූල්‍ය ක්ෂේත්‍රයට විදේශ මුදල් ගලාඒම් අඩුවීම හේතුවෙන්ද, ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සෘණාත්මක විදේශ ගෙවුම් ශේෂය (Deficit) වන ඇ.ඩො. 1,489, 2015 වසරේදී වාර්තා කරනලදී. එමෙන්ම, 2016 වසරේදීද විදේශ ගෙවුම් ශේෂය සෘණාත්මක එකක් වනු ඇතැයි විශ්ලේෂකයන් ඇස්තමේන්තු කොට ඇත.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම        
[/size]

  • 2014 දෙසැම්බර් (එදා)

[size]
ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ජාත්‍යන්තර ණය ශ්‍රේණිය වූයේ 'ධනාත්මක' දැක්මක් සහිත BB- ශ්‍රේණියයි. ඒ අතරම, 2014 වසරේදී මෙම ශ්‍රේණිය තවදුරට ඉහළ නැංවීම පිණිස, ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රේණිගත ආයතන සමග සාකච්ඡා ආරම්භ කොට තිබුණි.
[/size]

  • 2016 දෙසැම්බර් (අද)

[size]
2016 වසරේදී, ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B+ දක්වා පහත හෙළන ලද අතර, ආර්ථිකයේ දැක්මද 'සෘණාත්මක' ලෙස වර්ගීකරණය කරනලදී. තවද, බැඳුම්කර වංචා ඇතුළු තවත් දුර්වලතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළිය හැකි යැයි බොහෝ දෙනෙකුගේ වර්තමාන විශ්වාසයයි.
ඉහත පෙන්වාදී ඇති කරුණු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසර දෙක තුළදී ඉතා අයහපත් ලෙස කළමනාකරණය වීම තුළින් අද වනවිට දැවැන්ත අර්බුදයකට මුහුණපා සිටින බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි හිටපු මහ බැංකු අධිපතිවරයා පවසයි. මේ බව සනාථ කරමින් බ්ලූම්බර්ග් ආයතනය විසින් පසුගිය සතියේදී නිකුත් කරන ලද 'ගෝලීය අවදානම්' වාර්තාව අනුව, ශ්‍රී ලංකාව අධි ආයෝජන අවදානම් ඇති රටක් ලෙස හඳුන්වාදී ඇති බවද හෙතෙම පවසයි. එම වාර්තාවෙන් දක්වා ඇති ආකාරයට, රටවල් 80ක් අතරින් ශ්‍රී ලංකාව ලබා ඇත්තේ 67 වැනි මට්ටම වන අතර, එම මට්ටම මෑතකදී ආර්ථික අර්බුදවලට මුහුණදුන් ග්‍රීසියටත් වඩා මට්ටම් 20කින් පසුපසින් පිහිටීම කනගාටුදායක කරුණක් බවද ඔහු පෙන්වා දෙයි. තවද, 'ව්‍යාපාර කිරිමේ පහසුකම් දර්ශකය' (Ease of Doing Business Index) සහ 'දූෂණය පිළිබඳ මතය' (Corruption Perception Index) දර්ශකය අනුව, ශ්‍රී ලංකාවේ මට්ටම සැලකිය යුතු ලෙස අයහපත් දිශාවකට වැටී ඇති බවට වාර්තා වී ඇතැයිද හිටපු අධිපතිවරයා පවසයි.
තත්ත්වය මෙසේ තිබියදී, තමන්ගේ පෞද්ගලික විශ්වසනීයභාවයද දැඩි ලෙස පළුදු වී ඇති සමහර ඇමැතිවරුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් යැයි කොපමණ උදම් ඇනුවද, මෙම අයහපත් ආර්ථික තත්ත්වය සහ අසුබවාදී ව්‍යාපාර මතය නොවෙනස්වනු ඇති බවද ඔහු අවධාරණය කරයි. එම නිසා, ඔවුන් දැන් කළ යුත්තේ අසත්‍ය ප්‍රකාශ  ලබාදීමවත්, ලාබාල 'නිදහසට කරුණු' ඉදිරිපත් කිරීමවත්, පසුගිය පාලන තන්ත්‍රයට වෛරීව සහ ඊර්ෂ්‍යාකාරීව චෝදනා නැගීමවත් නොවන බව පෙන්වාදෙන හිටපු අධිපතිවරයා, එසේ නොවී පවතින අයහපත් තත්ත්වය ප්‍රායෝගිකව හඳුනාගෙන, සිදුවන්නට යන දැවැන්ත විනාශය අවම කර ගැනීමට දියත් කළ යුතු සියලු ක්‍රියාමාර්ග දියත් කිරීම වත්මන් පාලන තන්ත්‍රයේ වගකීම බවද සිහිපත් කරයි. ඔවුන් එසේ නොකළහොත්, ඔවුන් විසින්ම නිර්මාණය කරනලද, ඔවුන් විසින්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය භාජනය කොට ඇති මේ 'අංගසම්පූර්ණ කුණාටුව' (perfect storm) මුළුරටම වෙලා ගනිමින්, අප රට විශාල විනාශයකට ගොදුරුවීම නොවැළැක්විය හැකිවනු ඇතැයිද මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කර සිටියි.[/size]
- See more at: http://www.ada.lk

View previous topic View next topic Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum